CID අධ්‍යක්ෂකවරයා අධිකරණයට කැඳවීම සම්බන්ධ තීන්දුව 23

CID අධ්‍යක්ෂකවරයා අධිකරණයට කැඳවීම සම්බන්ධ තීන්දුව 23

අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව පවතින චෝදනාවට අදාල නියෝග ලබන 23 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) ප්‍රකාශ කර තිබේ.

නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස, 2015.03.04 හා 2015.06.18 යන දිනවලදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කල නියෝගවලට අවනත නොවී, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ඔවුන් අත්අඩංගුවට ගැනීම ඕනෑකමින්ම මගහැරීමෙන් ශානි අබේසේකර මහතා දණ්ඩ නීති සංග්‍රහයේ 216(ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට නීතිය ජාලිය සමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධව කරුණු දැක්වීම සඳහා ශානි අබේසේකර මහතා අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කරන ලෙසත් අධිකරණය හමුවේ පෙනී නොසිට විදේශගතවීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසත් අදාල නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn