රුපියල් මිලියන 4ක පාඩුවක් රජයට සිදුකර ඇති බවට චෝදනා එල්ලවීමෙන් පසු වසරක සිරඳඩුවම් සහ රුපියල් පනස් දහසක දඬ මුදලක් නියම වූ සතොස හිටපු සාමාන්‍යාධිකාරීවරයාට අද(20) පස්වරුවේ ඇප හිමිවී තිබේ.
සතොස ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරමින් විමල් පෙරේරා මහතා සතොස ආයතනය මගින් ආනයනය කළ සහල් තොග, නියමිත වටිනාකමට වඩා අඩු මුදලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4ක පාඩුවක් සිදුකර ඇති බවට එමගින් අල්ලස් පනතේ දූෂණය නැමති වරද සිදුකර ඇති බවටත් චෝදනා එල්ලවිය.
ඒ අනුව හිටපු සාමාන්‍යාධිකාරීවරයාට වසරක සිරදඬුවමක් සහ රුපියල් පනස් දහසක දඩයක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
පසුව විත්තිකරු සිදුකරන ලද අභියාචනයකට අනුව රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැවසිය.
Views: 0









