අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුධ හමුදා නිලධාරියෙකු මියගොස් තිබේ.
පුහුණුව අතරතුර ගුවනේදී පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් ඔහු ඇදවැටී තුවාල ලබා ඇති අතර රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කුඩාඔය කමාන්ඩෝ යුධ හමුදා පුහුණු පාසලේ බලලත් නිලධාරී චම්පික කුමාර නැමති නිලධාරියෙකි.
අනතුරට පත්ව මියයනවිට ඔහු 42 හැවිරිදි වියේ පසුවිය.
Views: 0










