අල්ලස් චෝදනා එල්ලවී සිටි සතොස හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරෙරා මහතාට වසරක සිර දඬුවමක් සහ රුපියල් පනස් දහසක දඬයක්, අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
2002 වසරේ ජූලි මස 1 වැනිදා සහ එම මස 20 වැනිදා අතර කාල සීමාව තුළ සතොස ආයතනය මගින් ආනයනය කළ සහල් තොග, නියමිත වටිනාකමට වඩා අඩු මුදලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4ක පාඩුවක් සිදුකිරීම මගින් අල්ලස් පනතේ දූෂණය නැමති වරද සිදුකර ඇතැයි සතොස හිටපු සාමාන්‍යාධිකාරීවරයාට චෝදනා එල්ලවිය.
විත්තිකාර පාර්ශ්වයේ නීතීඥවරුන් පෙන්වා දී ඇත්තේ උසස් නිලධාරීන්ගේ උපදෙස් මත විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර ඇති බවය.
කෙසේ වෙතත් විනිසුරුවරිය පෙන්වා දී ඇත්තේ සාමාන්‍යාධිකාරීවරයා නිසි වගකීමකින් තොරව කටයුතු කර ඇති බවය.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.
Views: 0










