ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්

ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්

ලබන බ්‍රහස්පතින්දා(22) දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ ස්ථානගතකිරීම්වල පවතින ගැටළු නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අංශ කටයුතු නොකිරීමට එරෙහිව මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් මේ බව පවසා සිටියේ අද(19) කොළඹ දී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ද රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක් සිදු කිරීම දක්වා මෙම සටන ගෙන යන බව එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn