ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන ලංකාවට

ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන ලංකාවට

ලෝක කුසලාන ටෙස්ට් තරඟාවලියේ මේ වනවිට පැවති තරඟ අතුරින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය ජය ගැනීමත් සමඟ මෙලෙස ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

එහි දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවයි.

මේ අතර ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ලෝඩ්ස්හි දී ඊයේ(18) ජය පැරදුමකින් තොරව අවසන් විය.

පළමු ඉනිම සඳහා එංගලන්ත පිල ලකුණු 258 රැස්කළ අතර ප්‍රතිචාර ලෙස ඕස්ට්‍රේලියාවට රැස්කර ගත හැකි වූයේ ලකුණු 250ක් පමණි.

අනතුරුව පැවති දෙවැනි ඉනිමේදී එංගලන්තය කඩුලු 5ක් බිඳ වැටී ලකුණු 258ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටවූහ.

අවසන් දිනය වූ ඊයේ දින තරඟය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබාගෙන සිටිය හ.

Facebook
Twitter
LinkedIn