සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති කරුණු විමසීම විභාගයට ගැනීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම්කර තිබේ.
විනිසුරු මඬුල්ලේ සභාපතීත්වයට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පත්කර ඇති අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරන් සෙසු සාමාජිකයන් වේ.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම විභාගයට ගැනීම ලබන 23 වැනිදා සිදුකිරීමට නියමිත අතර ඊට අදාල ලිඛිත දේශන තිබේනම් ලබන 21 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයා විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පසුගිය දා දන්වා තිබිණි.
Views: 0










