ආගමික නායකයන්ගේ ආධර්ශය ශක්තිමත් නැහැ

ආගමික නායකයන්ගේ ආධර්ශය ශක්තිමත් නැහැ

මුදල් හෝ දේශපාලන බලය අපේක්ෂාවෙන් කටයුතු කිරීමෙන් රට ගොඩනැගිය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.

අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශකර සිටියේ කොළඹ පැවති උත්සව සභාවකදී අදහස් දක්වමිනි.

උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ආගමික නායකයන්ගෙන් ලැබෙන ආධර්ශය ද ශක්තිමත් මට්ටමක නොමැති බවයි.

ආගමික නායකයන් පමනක් නොව සමාජයේ වැඩි පිරිසක් ආත්මාර්තයට යොමුවී ඇති බවත් එය ද සමාජයේ පිරිහීමට හේතුවී ඇති බවත් උන්වහන්සේ සඳහා සඳහන් කළේය.

වර්තමානය වනවිට සමාජය මුදල් පසුපස හඹායාමටත් එමඟින් රටතුළ සිදුවන අපරාධ වැඩිවී ඇතිබවත් අගරදගුරු හිමිපානෝ පැහැදිලි කළහ.

මේ සඳහා සියලු දෙනා තමන්ට පැවරෙන වගකීම පිරිසිදුව කැපවීමෙන් කළ යුතු බවත් මුදල් හෝ දේශපාලන බලය බලාපොරොත්තුවෙන් කටයුතු නොකළ යුතු බවත් කාදිනල් හිමි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Facebook
Twitter
LinkedIn