හදිසි අනතුරකින් ඉන්දීය ජාතික ඉන්ජිනේරුවෙකු මරුට

හදිසි අනතුරකින් ඉන්දීය ජාතික ඉන්ජිනේරුවෙකු මරුට

රිදීමාලියද්ද – ලොග්ගල්ලාඔය ප්‍රදේශයේ පෞද්ගලික විදුලි ජනන ආයතනයක සේවය කරමින් සිටි ඉන්දීය ජාතික විදුලි ඉන්ජිනේරුවරයෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(14) පස්වරුවේ අදාල ආයතනයට ගෙන ආ නව ටර්බයිනයක් සවිකරමින් සිටි අවස්ථාවක විදුලි ඉන්ජිනේරුවරයා අඩි 15ක පමණ උසක සිට ඇදවැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ ඉන්දියාවේ – බැංගලෝරයේ පදිංචි 55 හැවිරිදි වෙංකට් රාමයියා රෙඩිප්පා නැමත්තෙකි.

පසුගිය ජූනි මාස 16 වැනිදා අදාළ පෞද්ගලික විදුලි ජනන ආයතනයේ ටර්බයින ඉන්ජිනේරු උපදේශකයෙකු ලෙස ඔහු සේවයට එකතු වී ඇති බවත් සිද්ධිය සම්බන්ධව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද දැනුවත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Facebook
Twitter
LinkedIn