මෝටර් රථයකට ගිනි තබා රියදුරුට පහරදුන් 20ක් අත්අඩංගුවට

ඊයේ(14) රාත්‍රියේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පසු මෝටර් රථයට ගිනි තබා එහි රියදුරුට පහරදුන් බව කියන පුද්ගලයන් විසිදෙනෙකුට වැඩි පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුල්මුඩේ –  ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් උප්පුවේලි – තෝරන්කාඩු ප්‍රදේශයේදී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් පිරිසක් අදාල මෝටර් රථයට ගිනි තබා එහි රියදුරුට පහර දී තිබේ.

පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විසින් මෝටර් රථ රියදුරු මුදාගෙන රෝහල් ගතකර ඇති අතර පුද්ගලයින් දෙසීයකට වැඩි පිරිසක් එම අවස්ථාවේ කළහකාරීව හැසිරී ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ අදාල ත්‍රීරෝද රථය පදිකයන් දෙදෙනෙකුගේද ගැටී තිබේ. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්කළ පුද්ගලයන් සිව් දෙනෙකු සහ පදිකයන් දෙදෙනා ද රෝහල් ගතකර ඇත.

ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවත් වරදකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය පවසයි.

Facebook
Twitter
LinkedIn