බීමත් රියදුරන් හඳුනාගැනීමට විශේෂ ඛේට පරීක්ෂාවක්

බීමත් රියදුරන් හඳුනාගැනීමට විශේෂ ඛේට පරීක්ෂාවක්

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනා ගැනීමට විශේෂ ඛේට පරීක්ෂාවක් ඉදිරියේදී හඳුන්වාදෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

විශේෂයෙන්ම පෞද්ගලික සහ ලංගම බස්රථ රියදුරන් ඉලක්ක කර ගෙන එම වැඩ සටහන මෙම මස අවසානයේදී ආරම්භ කිරීමට නියමිත බව එම සංවිධානය පවසයි.

දිනෙන් දින ඉහළයන මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් සහ බීමත් රියදුරන් නීතියට හසුකර ගැනීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn