ඥානසාර හිමියන්ට එරෙහි නඩුවක් දෙසැම්බර් දක්වා කල් යයි

ඥානසාර හිමියන්ට එරෙහි නඩුවක් දෙසැම්බර් දක්වා කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන දෙසැම්බර් මස 2 වැනිදා දක්වා කල් දමා තිබේ.

ජාතික බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී තර්ජනය කිරීම සහ කුරාණයට අපහාස කිරීම යටතේ මෙම නඩුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබේ.

සිද්ධියට අදාල නඩුව අද(05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවා තිබූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර තිබේ.

Facebook
Twitter
LinkedIn