බී.ඩෙනීෂ්වරන් තනතුරින් නෙරපීමට විග්නේෂ්වරන් වරදකරු වෙයි

බී.ඩෙනීෂ්වරන් තනතුරින් නෙරපීමට විග්නේෂ්වරන් වරදකරු වෙයි

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රවාහන සහ ධීවර අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරින් ඉවත් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කරන ලද නියෝගය නීති විරෝධී බව අභියාචනාධිකරණය අද(05) තීන්දු කර තිබේ.

මෙම තීන්දුව ලබාදි ඇත්තේ බී.ඩෙනීෂ්වරන් මහතා විසින්, තමා සිය තනතුරින් නෙරපීම නීති විරෝධී ලෙස ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ ය.

මේ අනුව බී.ඩෙනීෂ්වරන් මහතාට තක්සේරු නඩු ගාස්තු ගෙවන ලෙසට ද අභියාචනාධිකරණය සී.වී.විග්නේෂ්වරන් මහතාට නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn