තලවකැලේ සිට ඩයගම දක්වා වූ පටු මාර්ගයක තිරිඟු පිටි ටොන් 15ක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීයාමෙන් එහි ගමන්ගත් රියදුරු ඇතුලු 5 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
අද(05) උදෑසන 8.30ට පමණ තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ බෙයාර්විල් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු, රිය සහයක, තිරිඟු පිටි අලෙවි ඒජන්සියේ නිලධාරියෙකු සහ සේවකයන් දෙදෙනෙකි. තුවාලකරුවන් ලිදුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නුවරඑළිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.
අධික වංගු සහිත පටු මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථය වංගුවක් ගැනීමේදී පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලී ඇත.
අනතුරට පත් රථයේ තිබූ තිරිඟු පිටි ඉවත්කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් ඇති අතර කන්ටේනර් රථයට ද බරපතල හානි සිදුව ඇත.
Views: 0










