සෞදි කාන්තාවන්ට ඉස්ලාම් නීති ලිහිල් කරයි

සෞදි කාන්තාවන්ට ඉස්ලාම් නීති ලිහිල් කරයි

සෞදි අරාබියේ කාන්තාවන්ට ඉස්ලාම් නීතිය අනුව යැයි පවසමින් පනවා තිබූ සීමා හා තහංචි රැසක් රාජකීය නියෝගයක් මගින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වයස 21ට වැඩි සෞදි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව විදේශ සංවාරයේ යෙදීමට අවසරය හිමි වී තිබේ.

එමෙන්ම විශේෂයෙන් විවාහ, දික්කසාද පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව මෙන්ම දරු උපත් ලියාපදිංචි කිරීමේ අවසරයද කාන්තාවන්ට ලැබී ඇත.

කාන්තාවන්ට අදාල රැකියා නීති රීතිද වෙනස් කර ඇති අතර ලිංගිකත්වය, ආබාධ හෝ වයස් භේදයකින් තොරව රැකියා ලබා ගැනීමේ අයිතිය හිමිව ඇතැයි බලධාරීහු සඳහන් කරති.

සෞදියේ ඉහළ පෙළේ කාන්තාවන් කිහිපදෙනකු එරටින් පලායෑමට උත්සාහ කිරීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ අතර විචාරකයින් පවසන්නේ මෙම නීති සංශෝධන ක්‍රියාවලියට එය යම් බලපෑමක් ඇතිකරන ලද බවයි.

මෙසේ නීති සංශෝධනය කිරීම සම්බන්ධව බොහෝ සෞදි කාන්තාවන් සිය ප්‍රසාදය පලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මූලාශ්‍ර බීබීසී

Facebook
Twitter
LinkedIn