වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අද (03) සවස 6.00ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ මන්සන්දියේදි වෙඩි තබා ඝාතනය කර තිබේ.
තිළිණ රුවන් තිහාර ජයරත්න නමැති 44 හැවිරිදි මෙම ජේලර්වරයා සේවය නිමවා අද (03) පස්වරුවේ පැමිණ අම්බලන්ගොඩ දුම්රිය පලෙන් බැස ඇත. ඉන් පබසු ඔහු සිය යතුරු පැදියෙන් තම නිවසට යමින් සිටියදී වෙනත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් කුලීගොඩ මන්සන්දියේදි වෙඩි තබා තිබේ. ජේලර්වරයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඝාතකයන් පලාගොස් ඇත.
ජේලර්වරයාගේ සිරුර බලපිටිය රෝහලට ගෙනගොස් තිබේ.
Views: 0










