අද(03) අළුයම 2.30ට පමණ බැංකොක් සිට මෙරටට පැමිණි ලාංකිකයන් 9 දෙනෙකු සතුව තිබී රත්රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව තිබේ.
රත්රන් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි අසූලක්ෂයක් පමණ වන බව පොලීසිය පවසයි.
සැකකරුවන් යක්කල, නිට්ටඹුව, ගම්පහ සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පොලීසිය භාරයට ගත් රත්රන් තොගය මේ වනවිට ශ්‍රී ලංකා රේගුව වෙත භාරදී ඇති අතර සැකකරුවන් සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි.
Views: 0










