රත්රන් කිලෝ 2යි ග්‍රෑම් 430ක් සමඟ ඉන්දියානු ජාතිකයන් 6 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතව සිටි ඉන්දීය ජාතිකයන් සිව් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී රත්රන් කිලෝ 1යි ග්‍රෑම් 60ක් සොයාගෙන ඇති අතර අද(03) සවස ඉන්දියාව බලා පිටත්වීමට නියමිතව සිටි තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සතුව තිබී රත්රන් කිලෝ 1යි ග්‍රෑම් 370ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති මුළු රත්රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 430ක් වන අතර එහි වටිනාකම එක්කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න බව පොලීසිය පවසයි.
Views: 0










