කසිප්පු විසවී අයෙක් මරුට – 10ක් රෝහලේ

කසිප්පු විසවී අයෙක් මරුට – 10ක් රෝහලේ

බාදුරාගොඩ ප්‍රදේශයේ කසිප්පු හලකින් පානය කළ කසිප්පු විසවීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දස දෙනෙකු රෝහල් ගතකර තිබේ.

ඊයේ(02) පස්වරුවේ කසිප්පු පානය කිරීමෙන් පසු වමනය, පාචනය ආදී රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් අදාල පුද්ගලයන් රෝහල් ගතකර ඇති අතර 52 හැවිරිදි පුද්ගලයෙකුගේ මල සිරුරක් වත්තේමුල්ල ප්‍රදේශයේ වත්තක තිබී සොයාගෙන තිබේ.

පුද්ගලයන් තිදෙනෙකු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු පිරිස මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

Facebook
Twitter
LinkedIn