මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමලත් යුධ හමුදා බලලත් නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය ඇප මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද(02) නියෝග කර තිබේ.
අද දින සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඒ සඳහා සාක්ෂිකරුවෙකු ලෙස සහභාගීවීමට නොහැකි බව, විදේශගතව සිටින උපාලි තෙන්නකෝන් මහතා පවසා තිබේ.
ඒ අනුව හඳුනාගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත.
2009 ජනවාරි 29 වනදා ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දීමේ සිද්ධියට අදාළව යුද හමුදා බලලත් නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජූලි මස 8 වැනිදා අත්අඩංගුවට ගත්තේ ය.
Views: 0










