ගොවි උපවාසයට අන්තර් සමාගම් සේවක සංගමයේ සහාය

ගොවි උපවාසයට අන්තර් සමාගම් සේවක සංගමයේ සහාය

මහවැලි එච් කලාපයේ ගොවීන්ට යල කන්නය සඳහා අවශ්‍ය ජලය ලබානොදීම හේතුවෙන් වගා පාලු වීමට අදාලව ආණ්ඩුව පොරොන්දු වූ අක්කරයක් සඳහා නියමිත රුපියල් 50,000ක වන්දි මුදල් ලබානොදීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල්කරගනිමින් එම ගොවියෝ ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වමින් අන්තර සමාගම් සේවක සංගමයේ සභාපති, උතුරු මැද පළාත් සභාවේ හිටපු ජවිපෙ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අද (20) පෙරවරුවේ ඊට එක් වී තිබේ.

අද වනවිට එම අඛණ්ඩ උපවාසයට දින 10ක් ගතවී ඇති අතර ගොවියෝ පවසන්නේ තම ඉල්ලීම් දිනාගන්නා තෙක් එම උපවාසය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය.

මෙම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතාද එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn