වරෙන්තු නිකුත් කළ පොහොට්ටු නගරාධිපති තවමත් නිදැල්ලේ – පොලිසිය මර නින්දේ

වරෙන්තු නිකුත් කළ පොහොට්ටු නගරාධිපති තවමත් නිදැල්ලේ – පොලිසිය මර නින්දේ

පුද්ගල පැහැරගැනීම්, ගිනි අවි පෙන්වා මරණ තර්ජනය කිරීම් ඇතුළු ප්‍රධාන අපරාධ රැසකට සම්බන්ධව වරෙන්තු ලබා සිටින පොහොට්ටු පක්ෂයට බලය හිමි කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරන නැමැත්තා මේතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඔහු තවමත් පොලිස් ආරක්ෂාව මැද නිදැල්ලේ ගමන් බිමන් යමින් සිටී.

උක්ත සිද්දියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාඅධිකරණයේ විභාග වන Hc188/2010 අංක යටතේ වන නඩුව සැලකිය යුතු කාලයක් තිස්සේ මග හරිමින් සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරන සුපුරුදු පරිදි පසුගිය ජුලී 25 වනදා පැවති නඩුවද මග හැර රටින් පලා ගොස් තිබිණි.

අධිකරණය මග හැර විදේශගතවීම නිසා ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය එදිනම වරෙන්තු නිකුත් කරන ලදී.

එම වරෙන්තුව අනුව ඔහු මෙරටට යළි පැමිනේද්දීම ගුවන්තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගතයුතු නමුත් ඔහු මෙරටට පැමිණ දින ගණනාවක් ගතවෙමින් තිබුණද මෙතෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැත.

පුද්ගල පැහැරගැනීම්, ගිනි අවි පෙන්වා මරණ තර්ජනය කිරීම් ඇතුළු ප්‍රධාන අපරාධ රැසකට වරෙන්තුකරුවෙකු වන නගරාධිපති තුෂාර සංජීව විතාරන විසින් පසුගිය 31 වනදා කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පන්සලකදී පොලිස් ආරක්ෂාවද මැද බෝධීපූජා පිංකමක්ද පවත්වා ඇත.

Facebook
Twitter
LinkedIn