නගර සභාවේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නාගරික ආයුර්වේද වෛද්‍ය නිලධාරී තනතුරට දේශපාලන පත්කිරීමක් සඳහා ගෙන තිබූ තීරණය සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ දැඩි අරගලය මත හකුලාගෙන තිබෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය පී.ඩී.එන්.එස්.ජේ. බණ්ඩාර මහතා පවසයි.
ජූලි 31 දින බස්නාහිර පළාත් සභා පරිශ්‍රයේදී බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සහ ආයුර්වේද වෛද්‍ය වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවේදී මෙම ප්‍රධාන නාගරික ආයුර්වේද වෛද්‍ය නිලධාරී තනතුර සඳහා වන දේශපාලන පත්කිරීම හකුලා ඊට සුදුසුකම් සහිත නියමිත පරිදි සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සෙකු තෝරා ගැනීමට තීරණය වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුලු බස්නාහිර පළාත් ආයුර්වේද බලධාරීන් සියලු දෙනා සහභාගී වූ බව සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ ලේකම් වෛද්‍ය පී.ඩී.එන්.එස්.ජේ. බණ්ඩාර මහතා පැවසීය.










