දේශීය ‌වෛද්‍ය විද්‍යායතනයේ පරිපාලන ගැටලු වසා ගැනීමට සිසු ජීවිත බිලි දීලා

දේශීය ‌වෛද්‍ය විද්‍යායතනයේ පරිපාලන ගැටලු වසා ගැනීමට සිසු ජීවිත බිලි දීලා

ශිෂ්‍ය නීති විරෝධී කටයුත්තක් බව හුවා දක්වමින් පසුගිය 27 වැනිදා සිට දින නියමයක් නොමැතිව දේශීය වෛද්‍ය විද්‍යායතනය වසා දමා ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව පවසයි.

ඔවුන් මේ බව සඳහන් කර සිටියේ අද(01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පිරිමි නේවාසිකාගාරයක් තුළ සිදුව ඇති ශිෂ්‍ය නීති විරෝධී කටයුක්තක් යැයි කියමින් ආයතනික පරිපාලනය විසින් මේ වනවිට මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබෙන නමුත් මෙතෙක් කිසිදු විධිමත් පරීක්ෂණයක් හෝ සිදුකර නැතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සභාපති බුවනක තිසුර මහතා සඳහන් කළේය.

මේ වන විටත් මාස 5 සිට මාස 12 දක්වා පවතින අධ්‍යාපන කටයුතුවල ප්‍රමාදය ද නොසලකමින් මෙලෙස දින නියමයක් නොමැතිව විද්‍යායතනය වසා දැමීම දහසකට අධික ශිෂ්‍ය පිරිසකගේ අධ්‍යාපන අයිතීන් උල්ලංගනය කිරීමක් බව ද බුවනෙක තිසුර මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපති දිනිදු ශෙහාන් මහතා සඳහන් කර සිටියේ දේශීය වෛද්‍ය විද්‍යායතනය තුළ පරිපාලනය විසින් ගැටලු රාශියක් ඇතිකර තිබෙන බවත් එම දුර්වලතා වසා ගැනීමට ශිෂ්‍යයන් බිලි දී ඇති බවත් ය. එසේම අත්තනෝමතිකව වසා දමා ඇති පිරිමි නේවාසිකාගාර නැවත ලබාදී සුභසාධන ගැටලු විසඳීමට කටයුතු කරන ලෙසත් බොරැල්ල ජාතික ශික්ෂණ රෝහලේ නව අටමහල් ගොඩනැගිල්ල සිසුන්ගේ ශික්ෂණ කටයුතු සඳහා අංග සම්පූර්ණ කර විවෘත කිරීමට කටයුතු කරන ලෙස වගකිව යුතු සියළු පාර්ශ්වයන්ට බලකර සිටින බව ඔවුහු පවසා සිටිති.

https://www.facebook.com/1204018566360622/videos/477525426394744/

බුවනක තිසුර
සභාපති – දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව

https://www.facebook.com/1204018566360622/videos/337377663874424/

දිනිදු ශෙහාන්
උපසභාපති – මහා ශිෂ්‍ය සංගමය කොළඹ විශ්ව විද්‍යාලය

Facebook
Twitter
LinkedIn