මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන බහත්කාරයෙන් අල්ලස් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධ නඩුව ලබන සැප්තැම්බර් 17 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(01) නියෝග කළේය.
නඩුව විභාගයට ගන්නා විනිසුරු මංජුල තිලකරත්න මහතා වෙනත් නඩු කටයුත්තකට සහභාගීවීමට සිදුව තිබීම හේතුවෙන් මෙම නඩුව විභාගයට ගැනීම සැප්තැම්බර් මස 17 දක්වා කල් තබා තිබේ.
කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක් ගොඩ කර එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ගිහාඩ් මෙන්ඩිස් නැමති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් හිටපු බස්නාහිර පළාත් මහා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.










