නීති විරෝධි ගබ්සාවකට ලක්ව අධික ලෙසින් රුධිරය වහනය වීමෙන් අසාධ්‍යය තත්ත්වයට පත් 14 වන වියේ පසුවන පාසල් සිසුවියක් අද (01) පෙරවරුවේ හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පල්ලම පොලිසිය සඳහන් කරන්නේ ඇයගේ මව මේ වනවිට විදේශ රැකියවකට ගොස් ඇති බවත් ඇය සිය නිවසේ සිට ඇත්තේ පියා සහ සහෝදරිය සමඟ බවත් ය.
ඇයට තරුණයකු සමඟ ප්‍රේමසබඳතාවක් තිබී ඇති බව අනාවරණය වන බවත් මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් පවසන පල්ලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
Views: 0










