කළුතර දිස්ත්රික්කයේ අලුත්ගම පිංහේන ප්රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කළුතර සුරාබදු වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම නිලධාරීන් විසින් ඊයේ (26) පස්වරුවේ වටළා තිබේ.
එහිදී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් ගෝඩා ලීටර් 20,000කට අධික ප්රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බැඳුම්කර දෙකක් මත මුදා හැර ඇති අතර ඔවුන් දෙදෙනා අගෝස්තු මස 02දා කළුතර මහේස්ත්රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර දිස්ත්රික්කයේ පසුගිය කාලයේ මෙවැනි නීතිවිරෝධී මහාපරිමාන මත්පැන් නිෂ්පාදනාගාර කිහිපයක්ම වටලන ලදී. එම නීතිවිරෝධී මහාපරිමාන මත්පැන් නිෂ්පාදනාගාර පවත්වාගෙන ගොස් තිබුනේ පොට්ටු පක්ෂයේ ක්රියාකාරීන් පිරිසක් විසින් වන අතර ඔවුන් කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමීපතමයින් බවද පසුව අනාවරණය විය.










