කටුනායක නිදහස් වෙළඳ කලාපය පරිශ්‍රයේ ගබඩාකර තිබෙන අපද්‍රව්‍ය තොගය ලබන අගෝස්තු 12 වන දින හෝ ඊට පෙර කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හේලීස් ෆ්‍රී සෝන් සමාගමට නියෝග කර තිබේ.
එසේ කඩිනමින් එම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරිමට පියවර නොගතහොත් එම සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
හේලිස් සමාගම කොළඹ වරායෙන් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 130ක් මුදාගෙන ඇති අතර එම අපද්‍රව්‍ය කටුනායක වෙළඳ කලාපයේ පරිශ්‍රයක ගබඩා කර තිබේ.
මේ අතර රේගු වෘත්තීය සමිති පවසන්නේ මෙම නිදහස් කලාපය වෙත ගෙන්වන ලද බහාලුම් වරාය පරිශ්‍රයෙන් පිටතට නොගෙන වරාය පරිශ්‍රයේම තබාගෙන පරීක්ෂා කිරීමට අදාල බලය ලබා දෙන ලෙසයි.
Views: 0










