මාවනැල්ල ප්රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලබන අගෝස්තු 8 වැනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්රාත් අධිකරණය අද(25) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් 14 දෙනෙකු සහ එම සිද්ධියටම අදාලව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඔහුද ඇතුළුව සියළු සැකකරුවන් ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
මීට අමතරව සැකකරුවන් ප්රවාහනය කිරීමට යොදාගත් බව කියන වෑන් රථයක් ද මාවනැල්ල පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Views: 0










