අද(24) පෙරවරු 10.30ට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතය.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරීන් අද දින විශේෂ කාරක සභාව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් කෙරෙන සාක්ෂි විමසීම් මාධ්‍යට නිරාවරණය නොකිරීමට මීට ඉහතදී ගනු ලැබූ තීන්දුවක් හේතුවෙන් ඇතැම් සාක්ෂි විමසීම් මාධ්‍යට විවෘත කර නොමැත.
Views: 0










