පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට බුද්ධි අංශ ප්‍රධානීන් ගෙන්වීමේ වරදක් නැහැ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට බුද්ධි අංශ ප්‍රධානීන් ගෙන්වීමේ වරදක් නැහැ

රහස්‍යභාවය රැකෙන්නේ නම් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බුද්ධි අංශ ප‍්‍රධානීන් ගෙන්වීමේ වරදක් නැතැයි හිටපු වන්නි ආඥාපති ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා සඳහන් කරයි.

එමෙන්ම මෙම කාරක සභාවට ඒකාබද්ධ විපක්ෂයටද සහභාගී වීමට ඉඩ තිබූ බවද ඒ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ වියත්මග සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒ මහතා…

ප‍්‍රශ්නය – යුද සමයේ සිටි බුද්ධි අංශ ප‍්‍රධානියාත් රටම දැනගෙන හිටියා නේද?

පිළිතුර – මම හිතන්නේ නැහැ එහෙම විශාල වශයෙන් දැනගෙන හිටියා කියලා.

ප‍්‍රශ්නය – රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ජාත්‍යන්තර සමුළුවලට පවා සම්බන්ධ වෙලා ඒ රටවල නියෝජිතයොත් එක්ක ගත් ඡායාරූප පුවත්පත්වල පවා පලවී තිබෙනවා.

පිළිතුර – එහෙම වුණා නම් ඒකත් වැරදියි.

ප‍්‍රශ්නය – මාධ්‍යවලට විවෘත නොකර බුද්ධි අංශ ප‍්‍රධානීන් තේරීම් කාරක සභාවට ගෙන්වනවා නම් ඒකටත් විරුද්ධද?

පිළිතුර – එහෙම ප‍්‍රශ්නයක් නැහැ. ඒත් මේ තේරීම්කාරක සභාවේ සංයුතියේ ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක එක පැත්තකට බරයි. ඔවුන්ගෙන් මේ තොරතුරු එළියට යා හැකියි.

ප‍්‍රශ්නය – එය එක පැත්තකට බරවී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය එය වර්ජනය කිරීම නිසානේ. ඒ නිසා තේරීම් කාරක සභාව එක පැත්තකට බරවීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂය බාරගන්න ඕන නේද? ඒ ගැන ඇයි ඔබ කතා නොකරන්නේ?

පිළිතුර – ඒක දේශපාලන තීන්දුවක්. එහෙත් ඔබ ඉදිරිපත් කරන තර්කය අපි පිළිගන්නවා.

Facebook
Twitter
LinkedIn