ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නඩුව අද (19) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ සිව්වන සැකකාර වික්ටර් සමරවීර, පස්වන සැකකාර පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු සහ හයවන සැකකාර කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන තිදෙනා ලබන අගෝස්තු මස 02දා දක්වා බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
වික්ටර් සමරවිර නමැති සැකකරු ඉකුත් 08වන දින අධිකරණයට බාරවිමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සමන් දිසානායක මහතා බන්ධනාගාර ගත කරන්නේ නම් ජයවර්ධන පුර රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් කියා තිබේ. එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට රෝහලට ගොස් විමර්ශනය කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත.
ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව 2015 ඔක්තෝබර් 15 වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද අරත 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇත.
මෙම නඩුවේ ප්‍රධාන චූදිතයන් තිදෙනෙකු ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරු විශ්වජීත් නන්දන දියබලනගේ යන දෙදෙනා සහ මෙම දූෂිත ගනුදෙනුවන සිදුවන සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න නැමැත්තිය මේ වනවිටත් අධිකරණය මගහැර රටින් පලාගොස් සිටිති.










