මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ අද (19) අලුයම 2ට පමණ ඇතිවූ නායයාමේ තත්වයක් හේතුවෙන් වෙළදසැල් 10ක් මහවැලි ගඟ දෙසට නායගොස් ඇති අතර එම වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මෙසේ නාය ගොස් ඇත්තේ ගිනිගත්හේන පොලිසිය අසළින් ගිනිගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසකි. මේ හේතුවෙන් පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇත.
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසය.
Views: 1










