චිත්‍රපට සංස්ථාවට එරෙහිව අතුරු නියෝගයක්

චිත්‍රපට සංස්ථාවට එරෙහිව අතුරු නියෝගයක්

හතර වැනි මණ්ඩලයේ චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරාගැනීමට එරෙහිව චිත‍්‍රපට සමාගම් 4ක් විසින් ගොනු කළ පෙත්සමක් ඊයේ (17) සලකා බැලූ අවස්ථාවේදී එසේ පවරාගැනීම වළක්වලමින් පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අද (18)  අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

එම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු මෙම අතුරු නියෝගය ලබා දී ඇත.

චිත‍්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සිනමා සමාගම් 04ක් වන ඊ.ඒ.පී චිත‍්‍රපට සමාගම, ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් පෞද්ගලික සමාගම, සිනමා එන්ටර්ටේන්මන්ට් සමාගම, මූවි ප‍්‍රඩක්ෂන් යන සමාගම් විසින් ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික චිත‍්‍රපට සංස්ථාව ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙම සමාගම් විසින් මෙම කරුණ මුල් කරගනිමින් මීට පෙර කොළඹ දිසා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදුව එම පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව අදාළ දිසා අධිකරණය වාරණ නියෝගයක් ලබා දී පසුව එය විසුරුවා හරිනු ලැබීය. ඉන් අනතුරුව පැමිණිලිකරුවන් විසින් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී.

Facebook
Twitter
LinkedIn