බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අවකාශය මධ්‍යස්ථානයට මූල්‍ය ආධාර

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අවකාශය මධ්‍යස්ථානයට මූල්‍ය ආධාර

සාහිත්‍යධරයන්, නාට්‍යවේදීන්, රංගණ ශිල්පීන්, සංගීතවේදීන් ඇතුළු විවිධ කලා කටයුතුවල නිරත කලාකරුවන්ට සිය කලා කටයුතු සිදුකරගෙන යාහැකි මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අවකාශය සංස්කෘතික මධ්‍යස්ථානයට මූල්‍ය ආධාරයක් ලබාදීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටයුතු කර තිබේ.

අවකාශය මධ්‍යස්ථානයට ආධාර පිණිස ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක් වන ගින්නෙන් උපන් සීතල සිනමා පටය ප්‍රදර්ශනය කර ඉන් ලැබුන මුදල මේ සඳහා ඔවුන් පරිත්‍යාග කර ඇත.

එම මුදල් පරිත්‍යග කිරීමේ අවස්ථාවට නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා, ප්‍රවීන් රංගණශිල්පිනී දීපානි සිල්වා මෙනවිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ බ්‍රිතාන්‍යයේ ජීවත්වන නාලිකා මහත්මිය සහ පූජිත මහතාද එම අවස්ථාවට එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn