දකුණු පළාත තුළ ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ඒ අනුව වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.
එළඹේන 4වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවත් මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දකුණු පළාත තුළ සියලු ක්ෂේත්රවල ඩෙංගු වැලැක්වීමේ ක්‍රියාදාමයන් සිදු කරන බවත් ඒ අනුව යම් අඩු වීමක් දක්නට ලැබෙන බවත් ඒ මහතා පවසයි.
Views: 0










