පොලිස්පතිත් රෝහල් ගත කරයි

පොලිස්පතිත් රෝහල් ගත කරයි

අද(02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද හදිසි අසනීප තත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සිය රාජකාරිමය වගකීම් සාපරාධී ලෙස පැහැර හැර ඇති බැවින් පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබිණි.

පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව සිදුකල විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඔව්න් සිය වෘත්තීය වගකීම් සාපරාධී පැහැර හැරීමට ලක්කර ඇති බවය. ඒ අනුව නීතිපතිවරයා විසින් අදාල පුද්ගලයින් ඝාතන සැකකරුවන් ලෙස නම්කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අවස්ථා දෙකකදී දැනුම් දී තිබිණි.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඇති අතර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ රෝහල් ගතකර ඇතැයි වාර්තා වූ අතර පොලිස්පතිවරයා ද මේ වනවිට රෝහල් ගතකර ඇත.

Facebook
Twitter
LinkedIn