අත්අඩංගුවට ගෙන ඇති වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මහතා සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණ ඉදිරියට කරගෙන යාම සඳහා වන්ධ්‍යකරණයට භාජනය වී ඇතැයි පැවසෙන මව්වරුන් පිරිසක් විශේෂ පරීක්ෂාවකට යොමුකිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ(01) මෝසමක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ මව්වරුන් 147 දෙනෙකු එච්.එස්.ඩී. නැමති පරීක්ෂාවකට යොමු කිරීමට අවසර ලබාදෙන ලෙසය.
මීට පෙර මේ සඳහා අවසර ඉල්ලා සිටිය ද පැමිණිලි පාර්ශවයේ නීතීඥවරුන් එයට බාධා කරමින් දැක්වූ විරෝධතාව හේතුවෙන් අදාළ නඩුව ලබන 11 වැනිදා දක්වා කල් තැබුණි.
Views: 0










