ශ්‍රී ලංකන්-මිහින් ලංකා-ශ්‍රී ලංකා කේටරින් ආයතනවල දූෂණ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව අද ජනපති අතට

ශ්‍රී ලංකන්-මිහින් ලංකා-ශ්‍රී ලංකා කේටරින් ආයතනවල දූෂණ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව අද ජනපති අතට

ශ්‍රී  ලංකා එයාර් ලයින්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල 2006 ජනවාරි මස 01 වනදා සිට 2018 ජනවාරි මස 31 වනදා දක්වා වූ කාලය තුළ සිදුව ඇති අක්‍රමිකතා හා වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කිරිමට පත්කර ඇති ජනාධිපති පරික්ෂණ කොමිසම් සභාවේ වාර්තාව අද(02) ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම වාර්තාව භාරදීමට නියමිතව ඇත.

පසුගිය වසරේ(2018) පෙබරවාරි මස 14 වැනිදා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කල අතර අවස්ථා කිහිපයකදී එහි කාලසීමාව දීර්ඝ කර ගැනුණි.

කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කටයුතු කරන අතර අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.

Facebook
Twitter
LinkedIn