හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ දැව සංස්ථා සභාපතිට සිතාසි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ දැව සංස්ථා සභාපතිට සිතාසි

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ හා ගොඩනැගිලි විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන 20ක් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට මෙම මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නිතාසි නිකුත් කර තිබේ.

සිද්ධියට අදාලව චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසව විසින් අධි චෝදනා ගොනුකර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 46 දෙනෙකු නම්කර ඇත.

එම අධිචෝදනා පත්‍රය සලකා බැලූ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල විනිස් විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කිරීමට තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn