මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනේ දෙවන අදියරේ යෝජිත රන්දෙනිගල – කළු ගඟ හුවමාරු ඇල මාර්ගයේ ශක්‍යතා සැලසුම් සදහා නකල්ස් අධි සංවේදී පරිසර කලාපයේ ලකේ ගල පාමුල පිහිටි හින් ගඟ අවට ප්‍රදේශය සදහා සදහා අවසර ලබාගත් පුද්ගලික සමාගම විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පනවා තිබු කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ප්‍රදේශයේ මහ සංඝරත්නය, පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් හා පරිසරවේදීන් ප්‍රකශ කර සිටිති.
යෝජිත ඇල මාර්ගයේ හින් ගඟ වේල්ල ඉදිකිරීමට අදාලව සිදුකල යුතු අධ්‍යන හා තාක්ෂණික ඇගයීම් කටයුතුවලට හා ඊට අදාල දත්ත ලබාගැනීම සදහා පමණක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මාතලේ දිස්ත්‍රික් වන අඩවි නිලධාරී අශෝක බණ්ඩාර හේරත් මහතාගේ අතසනින් යුත් 2019/05/19 දිනැති ලිපියක් මගින් ලග්ගල වන අඩවි නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ කොන්දේසි සහිත ලිපිය නිකුත් කර තිබේ.
යෝජිත වේල්ල ඉදිකිරිමට සමගාමිව පිවිසිමට ඇත්තේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුලින්ය. සංරක්ෂිත වනාන්තරයට අදාල වන සියලු අනපනත් හා නීති රීති හා රෙගුලාසිවලට යටත්ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති සිතියමේ සදහන් මාර්ගය හැර කිසිදු මාර්ගයක් භාවිතා කිරීම හෝ හානි කිරීම, පවතින ගම්සභා මාර්ගය ඔස්සේ වාහන භාවිතා නොකිරීම යන වගන්ති උල්ලංඝනය කරමින් දැඩි ආනතියකින් හා බෑවුමකින් යුත් ප්‍රදේශයන්හි විකල්ප මාර්ග යන්ත්‍ර සුත්‍ර භාවිත කර ඉදිකර ඇති බවට එම මාර්ගයේ ඒවායේ බරවාහන හා කැනීම් යන්ත්‍ර ප්‍රවාහනය සදහා යොදවා ඇති බව මාතලේ පරිසර සංවිධානයේ කැදවුම්කරු සිසිර කුමාර මහතා කියා සිටියි.
නකල්ස් වනාන්තරය තුල ශක්‍යතා අධ්‍යනය සදහා මාර්ගය ඉදිකිරීමේදී වටිනා ගස් වර්ග ගණනාවක් බිම හෙලා යාන්ත්‍රික මෙවලම් යොදාගෙන පරිසරයට හානි සිදුකරමින් දැඩි ආනතියකින් හා බෑවුමකින් යුත් මාර්ග සැකසූ කර ඇති බව හා වන සතුන් දඩයම් කර පුළුස්සා ආහාරයට ගෙන ඇති බවට ස්වභාවික ජල මුලශ්රවලටද හානි කර තිබෙන බව නිරීක්ෂණය කිරිමට හැකිවිය.
යෝජිත ව්‍යාපෘතියේ වැඩ සටහන් අධ්‍යක්ෂකවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට යොමුකළ 2019/02/24 දිනැති ලිපියට අදාල පුර්ව අවසරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාදීමටත් පෙර අදාල සමගම විසින් අප්‍රේල් මස අග සතියේම නකල්ස් පරිසර වනාන්තරයට ඇතුල්වී අදාල අධ්‍යන හා ශක්‍යතා කටයුතු ආරම්භ කිරීමත් සමග ප්‍රදේශයේ මහ සංඝරත්නය, මහජන නියෝජිත්යින් හා පරිසර සංවිධාන විසින් මතුකළ විරෝධයත් සමග මාතලේ දිසා වන නිලධාරී කාර්යාලය මගින් අදාල ඉදිකිරීම් තහනම් කිරීමට හා එම කණ්ඩායම එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඊට අදාල කොන්දේසි සමග මාතලේ දිසා වන අඩවි නිලධාරි විසින් මාස තුනක් කාලයකට පමණක් සිමාකරමින් යලි නකල්ස් වනාන්තරයට ඇතුල්වී ශක්‍යතා අධ්‍යනයට අවසර ලබා දුන්නේය.
විල්ගමුව, ලග්ගල හා මිනිපේ යන ප්‍රාදේශීය සභාවන්හි විශේෂ මාසික රැස්වීම් කීපයකදී මෙම ශක්‍යතා අධ්‍යන වැඩ පිළිවෙල හා යෝජිත වේල්ල හේතුවෙන් තම බල ප්‍රදේශවල ජනතාවට ඉදිරියේදී විශාල ජල ගටලුවකට මුහුණපෑමට සිදුවන බව අවධාරණය කරමින් අදාල ව්‍යාපෘතිය නතර කරන ලෙස දිගින් දිගටම බලවත් විරෝධයක් මතුකළහ.
මෙම ක්ෂේත්‍ර චාරිකාවට විලගමුව, ලග්ගල, මිනිපේ යන ප්‍රාදේශීය සභාවන්හි පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින්, මහ සංඝරත්නය හා පරිසරවේදීන්ද එක්ව සිටියහ. කිලෝ මීටර් දහයකට වැඩි දුෂ්කර මාර්ගයේ ගමන්කරමින් සිදුව ඇති හානිය සියසින් දැකබලා ගැනීමට ඔවුන්ට හැකිවුහ.
මහජන විරෝධය සැලකිල්ලට ගෙන අදාල ශක්‍යතා අධ්‍යන කටයුතු නතරකර එම සමාගමට නකල්ස් වනාන්තරයෙන් ඉවත්වීමටලබාදුන් උපදෙස් අනුව මේ වනවිට ඔවුන් ඉවත්ව ඇති බවත් පරිසර සංවිධාන මතුකරන තරමේ පරිසර හානියක් සිදුව නොමැති බවත් ඇතිව තිබෙන සුළු හානිය බරපතල නොවන බව මාතලේ දිසා වන අඩවි නිලධාරී අශෝක බණ්ඩාර හේරත් මහතා මේ පිලිබදව කරන ලද විමසීමකදී කියා සිටියේය.













