ඇමතිගේ රුව පාසල් පෙළපොතට යාම ගැන සාක්ෂි ලබාදීමට අකිල ජනාධිපති පරීක්ෂණ කොමිසමට

ඇමතිගේ රුව පාසල් පෙළපොතට යාම ගැන සාක්ෂි ලබාදීමට අකිල ජනාධිපති පරීක්ෂණ කොමිසමට

2015 – 2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සෙවීමට පත්කල ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(01) පෙනී සිට තිබේ.

නොමිලයේ බෙදා දෙනු ලබන පාසල් පෙළපොත්වල සිය රුව මුද්‍රණය කර තිබීම සම්බන්ධ කරුණු විමසීම සඳහා අමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදී තිබේ.

ඇමතිවරයා පවසා ඇත්තේ මීට ඉහත පැවති ආණ්ඩු යටතේ ද අධ්‍යාපන ඇමතිවරුන්ගේ රුව පෙළපොත්වලට ඇතුළත් කර තිබී ඇති බවය.

Facebook
Twitter
LinkedIn