“අන්තවාදය සහ මාධ්‍ය භාවිතය” යන මැයෙන් කාලීන සංවාදයක් හෙට(02) සවස 3.30ට මරදාන CSR හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අලුත් පියාපත් සංවිධානය මගින් මෙම සංවාද සභාව සංවිධානය කර ඇති අතර එහි දේශකයන් වශයෙන් සුනිල් විජේසිරිවර්ධන, නාරද බක්මීවැව, කපිල එම්. ගමගේ, ඒ. නික්ලස් සහ කසුන් පුස්වැල්ල යන මහත්වරුන් සහභාගීවීමට නියමිතය.
මෙම කාලීන සංවාදය සඳහා එක්වන්නැයි අලුත් පියාපත් සංවිධානය ජනතාවට ආරාධනා කර සිටියි.
Views: 0











