A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

පසුගිය වසරේ පැවැති උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (30) අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

නැවත සමීක්ෂණ ප්‍රතිපළ සඳහා 68009ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබූ බවත් එම ප්‍රමාණයෙන් 0.3%ක් ප්‍රතිඵල වෙනස් වී තිබෙන බවත් විභාල කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සහන් කරයි.

www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවත් යම් විමසීමක් සිදුකිරීමට අවහ්‍ය නම් 1911 හෝ 0112784208 දුරකථන අංක මගින් විමසීම් කළ හැකි බවද ඒ මහතා සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල පාසල් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ ලිපිනයන් වෙතත් යොමුකරන බවද විභාල කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn