පාස්කු ඉරිදා දින එනම් පසුගිය 21වනදා සංචාරක හෝටල්, කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන 08කට එල්ල කළ බෝම්බ ප්රහාරය සාධාරණ ප්රහාරයක් බව සඳහන් කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරින ලද වවුනියාවේ මවුලවිවරයා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.
මෙම ප්රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් බාරගැනීමෙන් පසු වවුනියාවේ පට්ටානිච්චූර් ප්රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මවුලවි නවීමාන් නැමැත්තා විසින් මෙම වීඩියෝව මුදාහැර ඇත.
එම වීඩියෝව දැකීමෙන් විවිධ සංවිධානවලින් ආරක්ෂක අංශ වෙත ඒ පිළිබඳව ලැබුණු පැමිණිලි මත එකී මවුලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර තිබේ.
එම මවුලවිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් වව්නියාව සෙට්ටිකුලම් ප්රදේශයේ පදිංචි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවෙසේ උදවිය පවසා ඇත.
එහිදී එම මව්ලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේ ඊට හෙතු දෙකක් හරස් වී ඇත.
ඉන් එකක් වන්නේ මෙම මවුලවිවරයාගේ සහෝදරයා පළාතේ ප්රාදේශීය දේශපාලනඥයකු වීමය.










