පසුගිය 21වනදා පාස්කු ඉරිදා සංචාරක හෝටල් සහ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන 08කට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි කණ්ඩායමට නායකත්වය දී ඇති බවට මේ වනවිට හෙළිදරව්වී ඇති ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයෙකු බවට මේ වනවිට හඳුනාගෙන ඇති වත්තල – මාබෝල නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ් මහතා මේ වනවිට රටින් පලා ගොස් ඇතැයි වාර්තා වේ. මොහොමඩ් නව්ශාඩ් කලක් එම නගර සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
මොහොමඩ් නව්ශාඩ් නැමැත්ති මහින්ද පිලේ මන්ත්‍රීවරයාගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිෆාස් නැමැත්තා වෝකිටෝකි යන්ත්‍ර දෙකක් සහ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ ලංඡන කිහිපයක් සමග අද (24) පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර ඒ වනවිටත් මොහොමඩ් නව්ශාඩ් රටින් පලා ගොස් සිට ඇති බව වාර්තා වේ.
වත්තල – මාබෝල නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ් ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ මාබෝල නියෝජිතය වන අතර ඔහු විසින් මාබෝල ප්‍රදේශයේ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ පල්ලියක්ද පවත්වාගෙන යන බව වාර්තා වේ.
සවුදි ආරාබිය ඇතුළු විවිධ රටවලින් ඔහුට නොයෙකුත් අවස්ථාවලදී විවිධ ද්‍රව්‍ය ආධාර ලැබෙන බවත් විශේෂයෙන් අරමුදල් ලැබෙන බවත් ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
මොහොමඩ් නව්ශාඩ්ගේ පුතුන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර ඔහු පළමුව ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ දරා ඇතත් ඔහුට ඒ සඳහා අවශ්‍ය කාලය නොමැති බැවින් පසුව ඔහු මැලේසියාවට පලා ගොස් ඇත.










