වත්තල – මාබෝල පොහොට්ටුවේ මන්ත්‍රී සොහොයුරා 21 බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට

වත්තල – මාබෝල පොහොට්ටුවේ මන්ත්‍රී සොහොයුරා 21 බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට

පාස්කු ඉරිදා (21) අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ පරීක්ෂණවලදී වත්තල මාබෝල නගරසභාවේ හිටපු සභාපති සහ පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) වත්මන් මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ්ගේ සොහොයුරා මොහොමඩ් රිෆාස් නැමැත්තා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

සිදු කර ඇති සෝදිසි කිරීම්වලදී පොහොට්ටු මන්ත්‍රීවරයාගේ සහෝදරයා සතුව තිබී වෝකිටෝකි යන්ත්‍ර දෙකක් සහ අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ඔහු සතුව තිබී ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ ලංඡන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල – මාබෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔහු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති බවද වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn