මඩකලපුව සියෝන් දේවස්ථානයේ ඊයේ(21) පෙරවරුවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් 25 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් 22 නෙකුගේ මල සිරුරු ඥාතීන් වෙත බාරදී ඇති බවත් මඩකලපුව මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කේ. ගනේෂලිංගම් මහත්මිය පැවසුවාය.
තවද පුද්ගලයන් තිදෙනෙකුගේ බවට සැක කෙරෙන ශරීර කොටස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ පරීක්ෂණ කටයුතුවලින් පසු හඳුනාගැනීමට නියමිත බව ද ඇය පැවසුවාය.
කෙසේ වෙතත් මේ වනවිට රෝහලේ 56 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් 7 දෙනෙකු බරපතල තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මියගිය පුද්ගලයන් 25 දෙනෙකුගේ අවසන් කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිත අතර මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා සම්බන්ධව තොරතුරු ලැබී ඇති බැවින් ඒ ඔස්සේ ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව මඩකලපුව පොලීසිය පවසයි.










