වීගොඩ සණස සමිතියේ මුදල් රුපියල් කෝටි 100කට ආසන්න ප්‍රමාණයක් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ ගම්පහ – වීගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය මගහරිමින් සිටි සභාපතිවරයා අද(19) පෙරවරුවේ ගම්පහ ප්‍රදේශයේ රථ ගාලක දී අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රජා පොලිස් ඒකකය ලබාදුන් තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වීගොඩ සණස සමිතියේ මුදල් වංචනික අයුරින් විවිධ ව්‍යාපෘතිවල යෙදවීම සහ තැන්පතුකරුවන්ට මුදල් ලබා නොදීම සම්බන්ධව සභාපතිවරයාට චෝදනා එල්ලවී තිබිණි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව පොලීසිය ඳසහන් කරයි.
Views: 0









