හිටපු ජනාධිපතිවරයා සිය දිවි නසාගනියි

හිටපු ජනාධිපතිවරයා සිය දිවි නසාගනියි

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයා සිය දිවි හානිකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ(17) දින පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාෂියා සිය ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන තිබේ.

දූෂණ චෝදනා සම්බන්ධව කෙරෙන විමර්ශනයකට අදාලව එරට පොලීසිය හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පැමිණෙමින් සිටියදී ඔහු හිසට වෙඩි තබාගෙන ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

“ඇලන් ගාෂියා මියගියා. අප්රා දිගුකල් ජීවත් වේවා” යැයි හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ‘ඇමෙරිකන් පොපියුලර් රිවලූෂනරී අලයන්ස් (අප්රා)’ පක්ෂයේ මහලේකම් ඕමාර් කුසාදා ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

Facebook
Twitter
LinkedIn